මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ//
පාරට බැස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩි
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපී තෙරපී අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි
මීවිතකින් ගත උණුසුම් වූවට සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා මා ආපසු යනවා
Artist : W.D. Amaradewa
ටුවෙන්ටියක පෙර නිමිති ඇහෙනවා
ReplyDeleteමැච් එක බලන්න සෙනග ඇදෙනවා
සෙනග ගිහිල්ලා පිරෙන්න ඉස්සර
යන්නට ඕනෑ පල්ලේකැලේ වෙත
එදත් පැරදුනා ඊට කමක් නෑ
මොනවා කොරන්නද නොබලා ඉඳින්නද
අද අපි හොඳට දිනයි...
හිතුවේ එහෙම තමයි....