Friday, July 23, 2010

Miyuru Kalpana - මියුරු කල්පනා

මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්

පිණි බිඳකින් මුතු අමුනමි
දිනිසුරු ගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්

Lyrics: Premakeerthi De Alvis
Music: Victor Ratnayake
Singer: Victor Ratnayake

Photobucket

No comments:

Post a Comment