Saturday, July 24, 2010

Sihina Sathak - සිහින සතක්

සිහින සතක් දු‍ටුවෙමි මම
සත් දවසක් එක විලසක
එක සිහිනෙක ඔබ දු‍ටුවා
සිඟන්නියක සේ//

ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්//
ජීවත් වන්නට කිසිවක්
ඉල්ලා සිටියා

කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත//
සිඟන්නියේ එය ඔබහට
දුන්නා මතකයි

එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්//
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ//

Artist : Victor Rathnayaka

Photobucket

No comments:

Post a Comment