උණුහුම මදි වගෙ නම් උණු කඳුලක දැවටෙන්නම්
හදවත ගැහෙන සරින් මා නැළවෙන්නම්
මට නිදිමත වෙනකම්තුරුලේ හැංගෙන්නම්
දෑඟිලි නළල පුරා සිතුවම් අදිමින්
හිරිවැටුනු මගෙ දෙතොලෙ සීතල නැති කරලා
හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබෙ නම් හොදටම වැඩි වීලා
කුළුදුල් හැඟුමේ රස ගී....
මට නිදිමත වෙන්නෑ කිමදෝ මම දන්නෑ
ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ
යන්නට දෙන්නට බෑ අද නම් තනිවෙනු බෑ
තුරුලේ මියැදෙන්නට මට අවසර නම්
Artist : Tehan Perera
No comments:
Post a Comment