මේ උයන්තෙරේ මේ තුරු සෙවණේ
ඔබේ කතා මට තවම ඇසේ
මේ නදී තෙරේ මේ අඩිපාරේ
ඔබේ සිනා මට තවම පෙනේ
ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
නෑ ඉඩක් යලිත් සදා අන් සිතක් කෙරේ //
අතරමගක මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ
අප එදා පෙමින් වෙළී දෙපා නැගු මගේ
නෑ තවත් මැකීගියේ මුදුවදන් ඔබේ //
යලිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ
Artist : Nirmala Ranathunge
\
No comments:
Post a Comment