රන් රැස් ගෙඩි දසත විදා අහස් ගඟේ මැද
තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ
වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා
ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා
බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ
බිනර මලී සිනාසුණා මතකයි යන්තම්
මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්
නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්
සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්
බිනර මලී එක්ක එන්න .....
ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට
මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට
බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට
බිනර මලී එක්ක එන්න .....
පීරා පිට මැදට හෙලූ වරලේ රැල් රැල්
තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්
බිනර මලී එක්ක එන්න .....
ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට
කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට
බිනර මලී එක්ක එන්න .....
පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ
මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ
මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ
බිනර මලී එක්ක එන්න .....
Artist : Rohitha Wijesuriya
Fantastic Song
ReplyDeleteරන් රැස් ගෙඩි නොවේ රන් රැස් කෙඳි
ReplyDeleteනෙරිය කඩා ඉඟ නලවන නොවේ නෙරිය තබා ඉඟ නලවන
දියත් සසල වෙයි පෑරෙන හදවත නොවේ බියක් සසල වෙයි පෑරෙන හදවත
Thanks for correction.
Deleteරන් රැස් ගෙඩි is correct
DeleteOne of my favorites. Thanks for publishing and corrections.
ReplyDeleteThanks a lot. Excellent song
ReplyDelete