සිනහ කෝ දැන් හීනයේ
ගං තෙරේ මා පාළුවේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .
තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .
විහඟ ගීවැල් රැව් දිදී
දවයි මා මේ තනිකමේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .
හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ
සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ . . .
පැතුම මාගේ තුන්හිතේ
මා ඔබේ මා හීනයේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .
අවදි කරව මතකය ඔබේ
කඳුළු සලමි හැරදා මුළු ජීවිතේ . . .
තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .
Artist : BNS ft. Umara Sinhawansha
මෙම ගීතය “සාවරියා(2007)“ චිත්‍රපටයේ ඇතුළත් වූ “තොඩේ බද්මාෂ් හෝ තුම් “ (දඟකාරයි නුඹ ටිකක්)ගීතය ඇසුරු කරගෙන නිශ්පාදනය වූවක්. මෙම ගීත ද්විත්වය සඳහාම යමන් රාගය පදනම් වී ඇති අතර හින්දි ගායනය “ශ්‍රෙයා ඝෝෂාල් “ නැමැති ගායිකාව විසින් ගායනා කරයි. මුල් ගීතයේ තනුවේ කරන ලද ඉතා සුළු වෙනස් කම් කිහිපයකින් මෙම “සිනහා කෝ“ ගිතය සරිගම මියුසික් වෙනුවෙන් භාතිය ජයකොඩි විසින් නිර්මාණය කරලා තියෙනවා.
ReplyDeleteමේ වගේ හින්දි සින්දු වල විස්තර දැනගන්න http://hindisng.blogspot.com පිවිසෙන්න.
http://youtu.be/gXClkLyo-0I
ReplyDelete