Sunday, July 25, 2010

Sinaha Ko - සිනහ කෝ

සිනහ කෝ දැන් හීනයේ
ගං තෙරේ මා පාළුවේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .

තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .

විහඟ ගීවැල් රැව් දිදී
දවයි මා මේ තනිකමේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .

හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ
සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ . . .

පැතුම මාගේ තුන්හිතේ
මා ඔබේ මා හීනයේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .

අවදි කරව මතකය ඔබේ
කඳුළු සලමි හැරදා මුළු ජීවිතේ . . .

තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .

Artist : BNS ft. Umara Sinhawansha


Photobucket

Binara Malee Ekka Enna - බිනර මලී එක්ක එන්න

රන් රැස් ගෙඩි දසත විදා අහස් ගඟේ මැද
තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ

වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා
ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා

බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ

බිනර මලී සිනාසුණා මතකයි යන්තම්
මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්
නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්
සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්

බිනර මලී එක්ක එන්න .....

ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට
මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට
බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට

බිනර මලී එක්ක එන්න .....

පීරා පිට මැදට හෙලූ වරලේ රැල්‍ රැල්
තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්

බිනර මලී එක්ක එන්න .....

ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට
කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට

බිනර මලී එක්ක එන්න .....

පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ
මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ
මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ

බිනර මලී එක්ක එන්න .....

Artist : Rohitha Wijesuriya

Photobucket

E Sonduru Samanal Wiye ( Sewwandiye ) - ඒ සොඳුරු සමනල් වියේ ( සෙව්වන්දියේ )

ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගූ ඒ මාවතේ සුවඳයි ඔබේ ආදරේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

මළ හිරු බැස යන යාමේ සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ

ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ//
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි හිනැහෙන්න සෙව්වන්දියේ//

Artist : Shihan Mihiranga

Ama Dahara Diya - අමා දහර දිය

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
සිය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා
සියල්ල කෙලෙස් මැඩ බුදුවූවා
අමා දහර.....
ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතිරූ කරුණාවේ දම ගැන
සියළු සතුන් සදහම් රස වේ
කරුණාබර නෙත නිවී ගියා....

Artist : Victor Rathnayake

Photobucket

Ma Neth Kadelle - මා නෙත් කැදැල්ලේ

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා

ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ රොන් සොයාලා //

බඹර තුඩු ගා නැතී කුමුදු මලකින් පෙතී
ගෙනෙමි දුර ඈත විලකින් බලා
ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නාදල්ලෙනී
සුවඳ උලා

අරුණ පිනි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේකුළක කලතා නිවා
ඉන් මතු කිසිදාක යන්නෙහිද
හද රන් ලෙනේ පහන නිවා

Artist : Milton Mallawarachchi
Lyrics : Karunarathne Abesekara

Photobucket

Basayana Sanda Dathin - බැසයන සඳ දෑතින්

බැසයන සඳ දෑතින්
නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින්
වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්

මන්දාකිණීය ගලන
නිසසල රැයක මැවෙන
මැදියම් අඳුරේ සැගවී

පවනැල් රහසේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්

නන්නාඳුනන ලෙසින
ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළඟ වගේ නම්
හඳුනා ගනිමිද කෙලෙසින්

Artist : Namal Udugama

Photobucket

Ammawarune - අම්මාවරුනේ

අම්මාවරුනේ…
අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා……
ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

Artist : Nanda Malani

Photobucket

Saturday, July 24, 2010

Hemin Sare Piya Wida - හිමින් සැරේ පියා විදා

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සියොත් සියොතුන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳූ සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳූවර දියෙන් උපදින

නැවුම් වත්සුනු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

Artists : T.M. Jayarathne & Sunila Abesekara

Photobucket

Ahenawanam Hitha Handana Tharam - ඇහෙනවනම් හිත හඩන තරම්

කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ

පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඩලේ

අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත බැදිලා
ගිණි දළුවා ගත වෙළෙනු පෙනේ
ඔබ මල් යහනක හිදිනු මැනේ

Artist : H.R. Jothipala

Photobucket

Kaviya Oba - කවිය ඔබ

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ

පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මන් අසරණව උන්නා
යෞවනේ.... තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඩුවා

හොර ඇහින් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩිකරලා
නිදියන්න මට සිතුනායෞවනේ....
අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා......

Artist : Deepika Priyadarshani

Photobucket

As Katha Karanawa - ඇස් කතා කරනවා

ඇස් කතා කරනවා
මිණි නිල් කවුළුපියන් හැරදා
දුක කියා හඬා සිත උමතු කළා
ආදරේ කියා . . . කියා . . . .

ඔබ සඳක් වගේ කළුවර රෑ එකලු කෙරූ
මගෙ පපුව පුරා ඔබ පිරෙන තුරා
දිවි තිබෙන තුරා මට ලැබෙන තුරා
මම හිඳිමි බලා . . .
ආදරේ කියන තුරා . . .
ජීවිතේ තියෙන තුරා . . .

ඔබ මලක් වගේ නිම් නැති රෑ සුවඳ කෙරූ
ළය මත වැතිරූ රතු මල් කැකුළු
අපමණ සොඳුරු පෙම් පුද පඬුරූ
මුව සිප සැනසූ මුතු පිණි කඳුළු
සිසිලස කැන්දා මම හිඳිමි බලා
ඔබ ලැබෙන තුරා
ආදරේ කියා . . . ආදරේ කියා . . .

Artist :Shihan Mihiranga

Photobucket

Me Prathama Wasanthayai - මේ ප්‍රථම වසන්තයයි

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි......

තරු නැගෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ......

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ

Artist : Sanath Nandasiri

Photobucket

Nethu Saluna - නෙතු සැලුනා

නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
ඔබ සිටියා කවුළුව ළඟටම වී..
මඟතොටදී නොදුටුව විලස ඇදී..
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී..

හුම්මානේ අප හමුවී..
සන්තානේ තව රිදුනි..
පෙරමඟ මා අද නැවතී..
යලි එය සිහිකරමී

මුවැත්තියක් ගුරුගෙට ආවා..
හන්තානත් ඉඟිඹිඟි පෑවා..
මල්පාරත් මට අත වැනුවා..
සුන්දරවූ සැන්දැ ගෙවුනා..

දුක සංකා නිවුනී..
අප දෑතම බැඳුනී..
මා ආදරේ ඔබටමයි..

වස්සානේ මහවැසි වැටුණා..
දෙසුම්හලේ පාලුව දනුනා..
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා..
සඳ නැතිවම සැන්දෑ ගෙවුණා..

මැයි මල් පිපෙන තුරා..
මහවැලි ගලන තුරා..
මා නෙත් පියෙන තුරා..

Artists : Romesh / Lakshan
Lyrics : Bandula Mudannayake
Melody : Romesh Sugathapala

Photobucket

Sannaliyane - සන්නාලියනේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ //

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේමේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ //
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

Artist : W.D. Amaradewa

Photobucket

Obe Nil Nuwan Thalawe - ඔබෙ නිල් නුවන් තලාවේ

ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ... කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා
ඔය දෑත මාගෙ දෑතේ
සතපා ගෙවූ අතීතේ//
දෙදෙනා නොවේද දන්නේ
සිත දන් තමයි සිතන්නේ
මුලදි උනේ මුලාවයි
වැරදිම මා අතේමයි//
නොසැලී බලා එදා මෙන්
ඉඳිමිය ඔබේම
නාමෙන්...

Artist : Milton Mallawarachchi
Lyrics : Karunaratha Abeysekara
Music : M.K.Roksamy



Photobucket

Lo Ada Ninde Me Ra Yame - ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ

කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහලට බැස යති දිය රැල්ලේ
නාමල් පිපිලා නැලවෙති සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ
සෝබන මේ නදියේ සඳරැස් වැතිරෙන්නේ

ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නලවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ

කවුරුද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ

Artist : C.T. Fernando

Photobucket

Dewiyani Oba Maw Lowa Pudumai - දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි

දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
පහන ළඟයි ආලෝකේ දුරයි..

සඳට ආසා කරනා කුරුල්ලෝ..
ඉන්නෙ වනේ කැදැල්ලේ..
සිත ගත් හැම දර්ශනයම ලෝකේ..
ඇයි අතින් ඔබ මැව්වේ..
ඒකද යුක්ති ධර්මෙ මහා..
මේකද යුක්ති ධර්මෙ මහා..
පහන ළඟයි ආලෝකේ දුරයි..

වනයේ ගස්වල මල් ඵල සේරම..
එහි නොතබා බිම හෙළුවේ..
ඔබ දුන් සේරම යළි ඔබ අරගෙන..
ලෝකෙට ඇයි දුක දුන්නේ..
ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ..//
පහන ළඟයි ආලෝකේ දුරයි..

Artist: Mohideen Beg

Photobucket

Ma Bala Kale - මා බාල කාලේ

මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ//
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ
ඉගෙනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා
දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා
මේ වාගෙ මට ඈ අවවාද දුන්නා
මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
නංවලා ස්නේහේ රට දෑ කෙරහි
රැකගන්න සැමදා ඇගෙ නාමෙ පුතුනේ

Artist : C.T.Fernando

Photobucket

Mindada Heesara - මින්දද හී සර

මින්දද හී සර ‍වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ

තුරගෙකු පිට නැගි නීල වලාකුලු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා

මෙතුවක් කල් මුව මඩල වසා සිටි
අන්ධකාර සලු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මං පෙත පාදා


Artist / Melody : W.D. Amaradewa
Lyrics: Madawala S. Ratnayake

Photobucket

Pudasunaka Nisala Bawa - පුදසුනක නිසල බව

පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
හදවතක නොවෙයි මේ තරම් සුසුම්
මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්

මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන
සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
දුක හඬන හැඬුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්

Artist : Dayan Witharana
Lyrics : Suneth Roopasinghe
Melody : Rohana Weerasinghe

Gamen Liyumak Awilla - ගමෙන් ලියුමක් ඇවිල්ලා

ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ//
පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
හරිම සරුසාරයි
වැසි වැටී වැව් ළිං පිරිලා
හරිම සිරියාවයි
තවත් ආරංචි ගොඩයි
ලියන්නට ලැජ්ජයි
ගෙදර අය සතුටින් සිටින්නේ
මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
වැඩත් වැඩි වෙන්නයි
ළඟදි එනවා නම් හොඳයි
නිවාඩුව දැන් දැන් ළඟයි...

Artist : Clarence Wijewardana
Photobucket

Nelanna Bari Durin Pipee - නෙලන්න බැරි දුරින් පිපී

නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ...අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදීමගේ ලොවේ...

විලක රැයේ පිපෙන මලේකඳුළු සඟවලා...
නැගෙන සඳේ කිරණ ලෙසේ
ගලමි රැය පුරා...හිරුද හඬවලා...

ඉවුරු දිගේ යනෙන අපේ
හඬන හිත නිවා...ගලන ගඟේ කඳුළු ඉමේ
පැතුම ඇත බලා...සයුර ඇත බලා...

Artist : Deppeka Priyadarshani

Maha Wassak Bimata Hela - මහ වැස්සක් බිමට හලා

මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...

විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ...

විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ..

Artist : Sunil Edirisinghe

Photobucket

Dethun Wathawak Oba Amathuwemi - දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක් කතා කරන්න....

රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තොෂයි
කෙලින්ම සවනට වැටෙන ඔබේ හඩ
අහගන්නට හරි ආසයි.......

ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා.....
ඉකිබිඳ හඩනා කිරි දරුවෙකු මෙන්
මගෙ හදවත වැලපෙනවා......


Photobucket

Wahi Diya Maha Bima Themuwata - වැහි දිය මහ බිම තෙමුවට

වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද...
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද...
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද...
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද...

රෝස පතක කවි ලීව්වේ
සුවද දිදි තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න...
උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න...

Artist : Deepika Priyadarshani

Photobucket

Unuhuma Madi Wage Nam - උණුහුම මදි වගෙ නම්

උණුහුම මදි වගෙ නම් උණු කඳුලක දැවටෙන්නම්
හදවත ගැහෙන සරින් මා නැළවෙන්නම්
මට නිදිමත වෙනකම්තුරුලේ හැංගෙන්නම්
දෑඟිලි නළල පුරා සිතුවම් අදිමින්

හිරිවැටුනු මගෙ දෙතොලෙ සීතල නැති කරලා
හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබෙ නම් හොදටම වැඩි වීලා
කුළුදුල් හැඟුමේ රස ගී....

මට නිදිමත වෙන්නෑ කිමදෝ මම දන්නෑ
ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ
යන්නට දෙන්නට බෑ අද නම් තනිවෙනු බෑ
තුරුලේ මියැදෙන්නට මට අවසර නම්


Artist : Tehan Perera
Photobucket

Sithin Witharak - සිතින් විතරක්

සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට ‍බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ ම‍ටද ඔබ හිමි නෑ
සිතින් විතරක්...

සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
සිතින් විතරක්...

Artist: Chamara Weerasinghe

Photobucket

Epa Thawath Oba Ma Rawatannata - එපා තවත් ඔබ මා රවටන්නට

එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ නිළියක වනු පල නෑ
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහිම අරුථ ඔබ තව වටහාගෙන නෑ

මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ තව දිව යනු රිසි නෑ
අවසන් පෙම් කඳුළත් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ළඟ සෙනෙහස නෑ

Artist : Wasantha Thilakangani

Photobucket

Sande Oba - සඳේ ඔබ

සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ

ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ

සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයිකියන බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ....

Artist / Lyrics / Melody : Rukantha Gunathilaka

Photobucket

Sheela - ශීලා

බැලු බැලු හැම තැනම සිහිනෙන් වාගේ
සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවි මගෙ ගී යාවි...
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ...

මා හට සැරවීලා, කොහෙදෝ යන්නේ මෙසේ...
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ...
තනිවීලා මා ඉන්නේ කෙසේ, ඒවීදෝ මාගේ කුමාරි....

ලොවම නැවතිලා, නිහඩයි වටේ..
තනිකම පාළුව දැවටී වතේ..
දුරකතනයකින් ඔබ අමතාවී,
සිතමින් ඉන්නෙමි තනි ලොකයේ...

මා හට සැරවීලා......

තනිවුනු යහනට එනවිට තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබෙ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා....
එවීදෝ.... එවීදෝ....එවීදෝ.... මාගේ කුමාරී...

මා හට සැරවීලා......

ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ

ඔබ යළි ඒවීදෝ

ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ...
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ

මා සැමදා තනිවේ දෝ

ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ඒවීදෝ මාගේ කුමාරි....

Artist : Jaya Sri

Photobucket

Lassanai Adare Galayana Hasaral - ලස්සනයි ආදරේ ගලායන හසරැල්

ලස්සනයි ආදරේ ගලායන හසරැල්..
සුන්දරද ඒ නමුත් නොතිබිලා..
එකම එක, එකම එක..
බිඳක්වත් කඳුලැල්..

අතවනයි මදහසක්..
ඉපදිලා සෙනෙහසක්..
ඉතින් අප හිතනවා, කියනවා, ලියනවා, ගයනවා..
එකෝමත් එක පොතක්..
ආදරේ නම් පොතක්..

ළංවෙමින් සිත් දෙකක්..
ඇතිවෙලා එක සිතක්..
ඉතින් අප නැළවිලා, දුක්වෙලා, හමුවෙලා, සැනසිලා..
අතින් අත් ගෙන දිනක්..
සාදමූ කූඩුවක්..

Artist: Amal Perera
Lyrics: Saman Chandranath Weerasinghe
Melody: Mahinda Bandara

Photobucket

Thawa Eka Sarayak - තව එක සැරයක්

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
නොසඟවා පවසන්නම්..
ඔබට ආදරෙයි මං..
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
කුමක් කරන්නද මං..
ඔබට ආදරෙයි නම්..

විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
එක මලකට පෙම්කරමි සිතින්..
නෙළන්න ආසයි දෝතින් ඒ මල..
මගේම වන්නට හැමදාමත්..

පාළුව තනිකම මට වද දෙන විට..
කෙලෙසද මා එය ඉවසන්නේ..
ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..

Artist/ Lyrics/ Melody: Roshan Fernando

Photobucket

Api Athata Athata Panagala - අපි ඈතට ඈතට පා නගලා

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ

කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

අපි ඈතට....

කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ

අපි ඈතට...

Artist : Victor Rathnayaka

Photobucket

Adaraya Sundara Waradaki - ආදරය සුන්දර වරදකි

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක්‌ නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති

ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
බැහැරී වෙලී උන්මාද වූයේ මා
වෙනකෙකු දිහා බැලුමට යලිත්
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

පුළුලුරුතලා වීණා බඳින් දැවටී
රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
හද ස්‌වර පවා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරුන්දෝ

Artist : Karunarathna Diwulgane

Photobucket

Sihina Sathak - සිහින සතක්

සිහින සතක් දු‍ටුවෙමි මම
සත් දවසක් එක විලසක
එක සිහිනෙක ඔබ දු‍ටුවා
සිඟන්නියක සේ//

ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්//
ජීවත් වන්නට කිසිවක්
ඉල්ලා සිටියා

කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත//
සිඟන්නියේ එය ඔබහට
දුන්නා මතකයි

එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්//
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ//

Artist : Victor Rathnayaka

Photobucket

Dewani Budun Lesa - දෙවැනි බුදුන් ලෙස

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

Artist : Sunil Edirisinghe


Photobucket

Friday, July 23, 2010

Kandu Pamula Sita - කඳු පාමුල සිට

කඳු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වන පෙතේ
ඔබ කිවු රහසින් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

ඇළ දොළ ගංගා සයුර සිසාරා
ඉර නැඟ එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

කඳු පාමුල සිට..

Photobucket

Maha Wassaka Pera Nimithi - මහ වැස්සක පෙර නිමිති

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ//

පාරට බැස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩි
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපී තෙරපී අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි

මීවිතකින් ගත උණුසුම් වූවට සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා මා ආපසු යනවා

Artist : W.D. Amaradewa

Photobucket

Bindu Bindu Mal Wasse - බිංදු බිංදු මල් වැස්සේ

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා

ආල හැඟුම් මං හින්දා...

ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

Artist : Edward Jayakody

Photobucket

Wanni Wanapethe - වන්නි වනපෙතේ

වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්
කල්පකාලයක්

පරපුර දුන්නු දන් ඇතත් හිත තුළමාසෙකට වරක් ලැබෙනුයෙ
සොච්චමක් බැවින් කන්ට ගත් ගමන් බත් පත
කවුරුවත් එතැයි බිය වැදදොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්

Artist : Sunil Edirisinghe

Photobucket

Siriyahane Lanu Ihiree Susum Helana Ra - සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

ස‍ඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

සිරියහනේ ලණු ඉහිරී..

යහන තලා සැප හිඳිනා කලහී නැතුවා පෙර පිං
මාල වළලු නොතිබ් අයට අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

සිරියහනේ ලණු ඉහිරී..

Artist : Edward Jayakody
Photobucket

Sith Sith Sith Sitha Sanasana Pem Lokaye- සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ

සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ
නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හී සරේ
දුටුවේ නැත මා සෙනෙහේ බැඳිලා
සිත් සිත් සිත් සිත සනසන තුන් ලෝකයේ

ආදරේ ඔබේ ලැබේවිදෝ ලදේ
ඒ තමා අමා සුවේ මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනෙහයේ රැඳී
හිඳිනු මැන මා සෙවනේ

වේදනා සදා නොදී මගේ සිතේ
ආදරේ කියා දිදී මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනෙහයේ බැඳී
පතමි ඔබගේ සෙනෙහේ

Artist : Madumadhawa Aravinda

Photobucket

Akuru Makee Na - අකුරු මැකී නෑ

අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්

මේ ඊරී බිම සීරී කුණ්ඩුමනී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා කුමුදුමතී හිනැහේවී

අපි දුවමු අපි පනිමු ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමු බාලවියට පා නඟමු


Artist : Edward Jayakody
Photobucket

Miyuru Kalpana - මියුරු කල්පනා

මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්

පිණි බිඳකින් මුතු අමුනමි
දිනිසුරු ගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්

Lyrics: Premakeerthi De Alvis
Music: Victor Ratnayake
Singer: Victor Ratnayake

Photobucket

Ma Obath Ekka - මා ඔබත් එක්ක

මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා
කියල කියනවා

මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා

සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්
වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
එන්න අහනවා

මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

Artist : Karunarathne Diwulgane
Photobucket

Malee Sandamalee - මාලී සඳමාලි

සෙනෙහෙ කෙතරම් තිබුනත් මහදේ
මගෙ වැරදි සොයාලා ඔබ වෙන්වූයේ
කිමදැයි මා නොදනිම් එලෙස සිදුවූයේ

මාලී සඳමාලි. . . මාලී සඳමාලි . . .
මාලී සඳමාලි . . . ඔබ මගේ සිහිනේ . . . .

මසිත බිඳදා බැඳිලා ඔහු හා
ඈතින් ඔබ ඈතින් ඇති බව ඇසුණා
පතිනිය වී වෙන්වී ගියත් ඔබ ළඳුනේ

මාලී සඳමාලි. . . මාලී සඳමාලි . . .
මාලී සඳමාලි . . . ඔබ මගේ සිහිනේ . . . .

දරු පෙම් විඳිනා ඔබ දැන් සතුටින්
මා නම් තනිවීලා ඔබ ගැන සිතමින්
සියළු දේ කැපකලා මා ඔබ වෙනුවෙන්

මාලී සඳමාලි. . . මාලී සඳමාලි . . .
මාලී සඳමාලි . . . ඔබ මගේ සිහිනේ . . . .

~ ශ්‍රී හැදූ ගී ~

Photobucket

Wednesday, July 7, 2010

Oba Dedunna Akasaye - ඔබ දේදුන්න ආකාසයේ

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හමා එමි කඳුලැල් සලා

ඔබ දේදුන්න ආකාසයේ…

සුළ‍ඟේ නලවා පෙරසේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී කලා… //

ඔබ දේදුන්න…

ඔබ මල් විළකී මා එහී මලකී
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා… //

ඔබ දේදුන්න…

Artist : Mervin Perera

Photobucket

Ahas Gabe Tharu Kata Gane - අහස් ගැබේ තරුකැට ගානේ

අහස් ගැබේ තරුකැට ගානේ
පොලෝ තලේ වැලිකැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි

වදුළු සිරස පිපි මල් ගානේ
විහග තුඩග කිචි බිචි ගානේ
පිසින සිඹින මඳ නල ගානේ
ආදරෙයි මං ආදරෙයි

පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
සිහිල ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මං ආදරෙයි

Artist : Charitha Priyadarshani

Photobucket

Mulu Hadin Mama Ayata Pem Kota - මුළු හදින් මම ඇයට පෙම් කොට

මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා
මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද
මට දුක් ලැබේයයි
නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා

මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා

Photobucket

Oba Enna - ඔබ එන්න

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
සවුම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආදරේ නොකියා ‍ඉන්නේ කොහොමා
මගෙ රන්කඳට මම ආදරෙයි

‍ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
මග සොය‍ සොයා මුව සල සලා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා

මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මග බල බලා නෙතු දව දවා
රත්තරන් මං මග බලා සිටියා

Lyrics:Upul Shantha Sannasgala
Music:Samantha Perera
Singer:Morris Bhani Wijesinghe

Photobucket

Apa Hamuweema Wenweema - අප හමුවීම වෙන්වීම

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා

Artist : Namal Udugama
Lyrics : Dharmarathne Perera

Photobucket

Ninda Nena Rathriye - නින්ද නේන රාත්‍රීයේ

නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ

කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ

අරුණෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා
සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා
සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා

Photobucket

Heta Dawase Apa Dedena - හෙට දවසේ අප දෙදෙනා

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ
කිසි වෙනසක් නැති
එකම දෙයක් අති
එය මා ලබු ඔබෙ ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලොකය දිව යයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන
ලොවෙහි අළුත් වන
ආදරයම මම ඉඳිමි බලා....

Artist : Priya Suriyasena

Photobucket