Showing posts with label W.D. Amaradewa. Show all posts
Showing posts with label W.D. Amaradewa. Show all posts

Wednesday, August 18, 2010

Kumariyaka Pa Salamba Saluna - කුමරියක පා සළඔ සැලුනා

කුමරියක පා සළඔ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය
සුරන් නැලවු සුයාමය

නිසල ජීවන තපෝ වන මැද
හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුලු මල් පෙති
මා හඩවයි බිදුනු තුසිතය
සුරන් නැලවු සුයාමය

Lyrics: K.D.K. Dharmawardane
Music: Victor Ratnayake
Singer: W.D. Amaradewa

Photobucket

Saturday, July 24, 2010

Sannaliyane - සන්නාලියනේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ //

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේමේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ //
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

Artist : W.D. Amaradewa

Photobucket

Mindada Heesara - මින්දද හී සර

මින්දද හී සර ‍වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ

තුරගෙකු පිට නැගි නීල වලාකුලු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා

මෙතුවක් කල් මුව මඩල වසා සිටි
අන්ධකාර සලු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මං පෙත පාදා


Artist / Melody : W.D. Amaradewa
Lyrics: Madawala S. Ratnayake

Photobucket

Friday, July 23, 2010

Maha Wassaka Pera Nimithi - මහ වැස්සක පෙර නිමිති

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ//

පාරට බැස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩි
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපී තෙරපී අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි

මීවිතකින් ගත උණුසුම් වූවට සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා මා ආපසු යනවා

Artist : W.D. Amaradewa

Photobucket

Sunday, June 27, 2010

Ase Mathuwana Kandulu Bindu - ඇසේ මතුවන කඳුලු බිඳු

ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල

Artist : W.D. Amaradewa
Lyrics : Mahagama Sekara

Photobucket

Adawan Wu Denethin Galana - අඩවන් වූ දෙනෙතින් ගලනා

අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා දහරා..........//

තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව් තුරු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ
සමාදී බුදු පිළිමේ........

පිරි ඉතිරි යන මහා වතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගගුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදාලන බුදුගුණ මහිමේ.....

Artist : W.D. Amaradewa

Photobucket

Sunday, June 20, 2010

Ma Mala Pasu Sohon Kothe - මා මළ පසු සොහොන් කොතේ

මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කල බව,
එතකොට ඒ ගී රාවය යාන්තමින් මට කියාවි.

මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව.
දුක් ගීයක් ලියනු මැනව, දුක් ගීයක් ලියනු මැනව.

නන්නාඳුන්නා ඔබගේ.
නන්නාඳුන්නා ඔබගේ අත් අකුරින් ලියනු මැනව.
දුක් ගීයක් ලියනු මැනව.
දුක් ගීයක් ලියනු මැනැව, දුක් ගීයක් ලියනු මැනව.

අඬ සඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක,
අඬ සඳ බැසගෙන යන සඳ රෑහි හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි

Artist : W. D. Amaradewa
Lyrics : Mahagama Sekara

Saturday, June 19, 2010

Wikasitha Pem - විකසිත පෙම්

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පති කුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර ඉඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිණි නොදැනේවා

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කරුවල හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා

Artist : W. D. Amaradeva