Sunday, June 27, 2010

Pipuna Male Ruwa - පිපුණු මලේ රුව

පිපුණු මලේ රුව එ මල දනී දෝ
මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා
කටු මැටි බිත්තිය හැඩකර අඳිනා

රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

Artist : Nanda Malani

Photobucket

Oba Themei Kiya Bayai - ඔබ තෙමෙයි කියා බයයි

ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි

මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මුදු මඳහස මැකෙයි
මිරිවැඩි තුළ දිය පිරෙයි
පය ලිස්සා බිම වැටෙයි

සළු පිළි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට හිතෙයි

Artist : Edward Jayakody
Lyrics : Sunil Ariyarathna

Photobucket

Kawulu Piyanpath - කවුළු පියන්පත්

කවුළු පියන් පත් වහන්න
සදලු තලාවේ.........
නුඹ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ........

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි
මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි

සදුලුතලාවට පැල්පත දුරනම් බෝමැයි

මුදු සිනා සලන සදවත අහසේම රැදුනාවේ
ඉහිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සදලුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ

Artist : Kasun Kalhara
Lyrics : Kaushalya Kumarasinghe
Melody : Vishwa Paranayapa


Photobucket

Lassana As Deka - ලස්සන ඇස් දෙක

ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා..
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා..
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා..
මට හිතවත් වේවීදෝ රූ ළඳේ..

ඔබ මගේ සිහිනයයි..
මතකයේ රුව ඔබයි..
ගීතයක් වෙලා මුවින්..
පාවෙලා යන්නේ..
ආදරේ හදවතේ..
නිහඬවී තැවෙන්නේ..
ලස්සන.. ලස්සන ඇස් දෙක..

Artist: Gypsies

Photobucket

Kohe Sita Oba Paminiyedo - කොහේ සිට ඔබ පැමිණියේදෝ

කොහේ සිට ඔබ පැමිණියේදෝ..
සිහිනයේ.. රැදුන ඒ අප්සරා..
මගේ ඉරබටු තාරකා..
ඔබට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ

දෙනෝදාහක් අවට සිටියද- තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දහසක් අවට දුටුවද- දෙනෙත නලවන නෙතක් නුදුටෙමි මම්
කොහේ සිට ඔබ ...පැමිණියේ දෝ..

පාලු ගනදුරු රුදුරු රෑ මැද- නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට- ඔබට ලං වී කෙදින හිදිමිද මම්
කොහේ සිට ඔබ...පැමිණියේ දෝ...

Artist Victor Rathnayaka
Lyrics : Premakeerthi De Alwis


Photobucket

Asata Asuwana Mayime - ඇසට අසුවන මායිමේ

ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් විලේ
ළසෝ ළැව් ගිනි ඇවිළුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ

සියපතක් මත විසුළ පිනිකැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැඟේ සිහියට

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමනයුරු දැක
ඔබේ ලවනත සැදුණු මී විත
මත්කළා මතකයි මගේ සිත

Artist: Karunarathna Diwulgane
Lyrics: Mahinda Dissanayake
Melody: Gunadasa Kapuge

Photobucket

Paya Seetha Raye - පායා සීත රැයේ

පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ

මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ

Photobucket

As Deka Piyana - ඇස් දෙක පියාන

නිදාගන්න මට බෑ..
බෑ බෑ..
මට නිදන්න බෑ..
සිත තුළ දඟලන මනසේ ඇවිදින,
ඔබ මට නිදන්න දෙන්නේ නෑ..
සිත එක්තැන් කර නිදන්න හැදුවත්,
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ..
තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට,
මටත් නිදන්නට ඕනෙම නෑ..

රහසක් කියන්න තියෙනවා ඔයාගෙ,
කන්පෙති මත මගෙ දෙතොල් තියා..
ඔබ ඈතින් හිටියොත් කියන්න බෑ මට,
අනික් අයට එය ඇහෙන නිසා..
අනේ රත්තරන්..
හිතට වද නොදී..
තුරුල් වෙන්න ආදරෙයි කියා..
මට කියන්න දේවල් හුඟක් තියෙනවා..
තුරුල් කරන් ආදරෙයි කියා..

Artist: Rookantha Gunathilaka

Photobucket

Oya Dase Sangawune - ඔය දෑසේ සැග වුනේ

ඔය දෑසේ සැග වුනේ - මා සෙවූ ආදරේ
හදවතේ සෑම දා ඔබ රැදේ.....
මිතුරන් සේ අප ලංවුනා....
මා මතකයේ ඔබ සදා......

කෙසේ පවසම් දෝ මේ ආදරේ
සිත්තැවුල් ඇතිවේ දෝ මා සොදුරියේ....
මා හදවතේ ඉපිලෙනා පෙම් හැඟුම් ඔබට දැනේ දෝ
සුලගේ පවා රැදෙන්නේ එපමනයි
ඔබට දැනේ දෝ....

Artists : Prihan ft Keshan


Photobucket

Daiwayogayakin Nowedo - දෛවයෝගයකින් නොවේදෝ

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි

Artist : Victor Rathnayaka
Lyrics : Sunil Ariyarathna

Photobucket

Tharuda Nidana Maha Ra - තරුද නිදන මහ රෑ

තරුද නිදන මහ රෑ...
නිදමි මහද නිදි නෑ...
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...

පිණි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඩුම්...

සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්...
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනල යුගයක පිපුණු කුසුම්...

Artist : Nanda Malani

Photobucket

Sihinayak - සිහිනයක්

රෑ පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
යවුවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ
සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරි යාමේ
මා සුන්දර සිහිනයක් මැවුවා
අප වටකර සිහිනයක් මැවුවා
ඔබ මගෙ කර සිහිනයක් මවුවා
ප්‍රියාදරියේ..........//

රෑ පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

මා සුන්දර සිහිනයක් මැවුවා
අප වටකර සිහිනයක් මැවුවා
ඔබ මගෙ කර සිහිනයක් මවුවා
ප්‍රියාදරියේ..........///

Artist : Nadeeka Jayawardana

Photobucket

Eka Wasanthayaka - එක වසන්තයක

එක වසන්තයක එක රාත්‍රියක
දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද
එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා.... විතරක් මතකයි...
හද ලුහුබැද ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවද...
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොදුර

මේ වසන්තයේ හමුවෙන සුලග සමග
සසැදී පැහෙන්නට හිතයි මට....
ඔබෙ සුවද සමග මුසු වනු පිණිස
මගෙ සුසුමක් තියන්නද......
සිහිවනු පිණිස...... සොදුර....

මේ වසන්තයෙම ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට පතමි මම.....
ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස
මගෙ හැගුමක් තියන්නද...
ගිවිසනු පිණිස.... සොදුර

Artist : Kasun Kalhara

Photobucket

Dangakara Oya Dasa - දගකාර ඔය දෑස

දගකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යාඋනා
දසුනින්ම හසුනක් මවා

උදයේ හවා ඔබ හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ .........
දෙකොපුල් විලේ හසරැල් පිපි
සතුටින් ම කල් යාවුනා

සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුනා හදෙහි සෙනේ ..........
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කදුලින්ම වෙන් වී ගියා .....

Artist : Sanath Nandasiri

Photobucket

Oya Dasa Kee Katha - ඔය දෑස කී කතා

ඔය දෑස කී කතා..
මා මතකෙ යාවෙලා..
නොකීවාට කම් නෑ ළඳේ..
මුවගින් ඔබේ ආදරේ..

පැතූ දේ සිතූ දේ මගේ..
කියන්නේ කෙසේදෝ ළඳේ..
ගඟුලේ......
හඬගා කියන් ළඳේ..
ඈ මට ආදරෙදෝ..

සදාකල් කිසිත් නෑ ලොවේ..
මගේ මේ සෙනේහේ වගේ..
ගඟුලේ......
හඬගා කියන් ළඳේ..
ඈ මට ආදරෙදෝ..

Artist: Gayantha Wijayarathna

Epa Hiru Payanna - එපා හිරු පායන්න

එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට,
අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් ඈ සමුගන්න..

සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න,
වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න..
ගලා යන නදී දොළ මිදී මිදී නැවතී ඉන්න..

ලිය මඩල තුරු සිරස එපා මල පළඳින්න,
වසන්තය නිමාවී කොවුලනේ ගොළුවන්න..
සොබාදම් නෑසියනි සැලී සැලී කම්පාවන්න..

Artist: Victor Rathnayaka
Lyrics: Kumaradasa Saputhanthri
Melody: Victor Rathnayaka

Photobucket

Podi duwage Sina Walai - පොඩි දුවගේ සිනා වෑලයි

පොඩි දුවගේ සිනා වෑලයි
පොඩි පුතුගේ කතා පෙළයි
ප්‍රිය බිරිදගෙ සෙනෙහෙ විලයි
මගේ නිවන මගේ පෑල්පතයි...

කටු මෑටි ගෑ බිත්ති පුරා
පලිගු මෑණික් එලිය දිලේ
ගොම මෑටි ගෑ ගෙබිම මගේ
පියවිලි බූමුතුරුණු වගේ.....

ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුචි පෑළේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම් නෑති සුවය දෑනේ.....

Artist : Somathilaka Jayamaha

Photobucket

Me Ayurin Api Sansare - මේ අයුරින් අපි සංසාරේ

මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති.....
මේ අයුරින් අපි දවසක් දා සසර මඟදි වෙන් වෙන්න ඇති

සාලිය මාලා පෙම් බැදි දා මම සිටු කුමරෙක් වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇති

ආත්ම ගනනක් ඔබ පය පාමුල මගෙ කඳුලෙන් සේදෙන්න ඇති
එදත් මගේ පෙම් ආයචනයට අද මෙන් ඔබ හිනහෙන්න ඇති....

Artist : T.M. Jayarathna

Photobucket

Amma Nathi Mata - අම්මා නැති මට

අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිණි පහණක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මම මතු සක්විති වෙයි සිතලා දෝ

පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ලිප ළඟ කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පණමට දී මගෙ නැණ නෙත් පෑදූයේ

මෝරා හද ගැබ පෙම්මල් නැහැ පිපුණේ
ඉහිලා හඳවට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතුලේ
මා ලද ශිල්ප ද නුඹ හා එක මුල්ලේ

Photobucket

Ase Mathuwana Kandulu Bindu - ඇසේ මතුවන කඳුලු බිඳු

ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල

Artist : W.D. Amaradewa
Lyrics : Mahagama Sekara

Photobucket

Lowe Wesena Hama Sathunatama - ලොවේ වෙසෙන හැම සතුනටම

ලොවේ වෙසෙන හැම සතුනටම..
බුද්ධං සරණේ සරණයි සරණයි..//
ලොවේ වෙසෙන හැම සතුනටම..
ධම්මං සරණේ සරණයි සරණයි..//
ලොවේ වෙසෙන හැම සතුනටම..
සංඝං සරණේ සරණයි සරණයි..//
ලොවේ වෙසෙන හැම සතුනටම..
මේ තුන් සරණේ සරණයි සරණයි..//

දොහොත් මුදුන් දී වැන්දා..
පසඟ පිහිටුවා වැන්දා..
පෙරළි පෙරළි අපි වැන්දා..
අපේ බුදුන් අපි වැන්දා..

සසර කතර අතරමංව..
හසර නොදැන සිටි සතුනට..
විතර නොමැති කරුණාවෙන්,
යහ මග පෑවා..
ගුණෙන් පිරුන පිනෙන් පිරුන,
මහා ගුණවතා..
මහා පින්වතා..

දොහොත් මුදුන් දී වැන්දා..
පසඟ පිහිටුවා වැන්දා..
පෙරළි පෙරළි අපි වැන්දා..
අපේ බුදුන් අපි වැන්දා..

දුකට පෑව දයා ගුණේ..
සැමට පෑව එක සම සේ..
දුකට පිහිට වී සැමගේ,
සෙත සැලසූවා..
ගුණෙන් පිරුන පිනෙන් පිරුන,
මහා ගුණවතා..
මහා පින්වතා..

දොහොත් මුදුන් දී වැන්දා..
පසඟ පිහිටුවා වැන්දා..
පෙරළි පෙරළි අපි වැන්දා..
අපේ බුදුන් අපි වැන්දා..

Artist: Senanayaka Weraliyadda

Photobucket

Adawan Wu Denethin Galana - අඩවන් වූ දෙනෙතින් ගලනා

අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා දහරා..........//

තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව් තුරු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ
සමාදී බුදු පිළිමේ........

පිරි ඉතිරි යන මහා වතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගගුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදාලන බුදුගුණ මහිමේ.....

Artist : W.D. Amaradewa

Photobucket

Dura Penena Thanithala - දුර පෙනෙන තැනිතලා

දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා
පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා

ඈත කිරි පාට - පේන සරුසාර
සෑය දිළෙනවා - සෑය දිළෙනවා
නැඟෙන රිදී සීනු හඳින් නුවර එළි කලා
නුවර එළි කලා

ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කියමිනා - කරමු වන්දනා
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
තිසා වැව වටේ

Photobucket

Jaya Siri Ma Hamuduruwane - ජය සිරි මා හාමුදුරුවනේ

ජය සිරි මා හාමුදුරුවනේ..
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
ගිණිමැල ගහගෙන රැක හිටියා..
එහෙව් අපට අද එන්ඩ තහංචිද,
ජය සිරි මා හාමුදුරුවනේ..

වැලි මළුවේ ඉඳ සාදු කියනකොට,
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු,
අපේ බාර පිලිගන්ඩ හොඳයි..

රන් වැට පාමුල සාදු කියනකොට,
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි,
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..

Artist: Deepika Priyadarshani
Lyrics: Mahinda Chandrasekara
Melody: Rohana Weerasingha

Photobucket

Ahan Inna Ahagena Inna - අහන් ඉන්න අහගෙන ඉන්න

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා....//

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අඟින් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

අහන් ඉන්න ....

සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි

අහන් ඉන්න...

Artist : Indrachapa Liyanage


Photobucket

Katu Akule - කටු අකුලේ

කටු අකුලේ මල් ඇහැළේ
රළු අහසේ තරු හිනැහේ.......//
කටු අකුලේ මල් ඇහැළේ

තුඩින් තුඩේ රැවුනැගේ
කුරුළු ගී ගායනා
කුලින් කුලේ වැතිරේතේ
සුදුවළා පාවෙනා

ළමයින් සුවදයි
කදුලක දිලිසෙයි
අදුරු විමානේ
රන් මිනි පහනයි

තුඩින් තුඩේ ..........

Artist : Edward Jayakody

Photobucket

Ninda Nathi Raye - නින්ද නැති රැයේ

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

කිළිපොළා සැලී යමින් නොහිටි සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

Artist : Gunadasa Kapuge
Lyrics : Rathna Sri Wijesinghe
Melody : Gunadasa kapuge


Photobucket

Thursday, June 24, 2010

Ape Hangumwalata Idadee - අපෙ හැඟුම්වලට ඉඩදී

අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්,
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්,
හඳපානේ මද අඳුරේ..
අත් පටලා යමු ආයේ..

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී..
මම මගෙ හෙවනැල්ලෙන් මිදී..
අවුදින් හෙමින් රහසින් මුමුණා..
හඳපානේ මද අඳුරේ..
හඳපානේ මද අඳුරේ..
අත් පටලා යමු ආයේ..

හිරකර හසරැල්ලෙන් හැඬුම්..
අපි හිනැහෙමු සපුරා පැතුම්..
මතු ආත්මයේ හමුවන පැතුමින්,
යමු වෙන්වී හිමිදිරියේ..
හඳපානේ මද අඳුරේ..
අත් පටලා යමු ආයේ..

Artist: Victor Rathnayaka
Lyrics: Premakeerthi De Alwis
Melody: Victor Rathnayaka

Photobucket

Rosa Malata Kiyanawada - රෝස මලට කියනවාද

රෝස මලට කියනවාද මා මියගිය බව
කියන්නෙපා රෝස ගහේ කටු විසවුනු වග//

මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්නෙ කොහොමද අතු ඉතුත් එක්ක මං
මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්නෙ කොහොමද අතු ඉතුත් එක්ක මං//

රෝස මලට..

මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්
මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්//

රෝස මලට..

Artist : Krishantha Erandaka

Photobucket

Ek Dhinak Sandawaka - එක් දිනක් සැන්දෑවක

එක් දිනක් සැන්දෑවක මම,
හිතවතෙකුට දුරකථනෙන් කතා කලා..
යොමුවෙලා වැරදි අංකයක්,
අන් කෙළවර සිට අඟනක් කතා කලා..

සුමිහිරි ලස්සන ඒ පියකරු හඬ,
හදවත වසඟ කලා..
ඒ කටහඬ යලි අසන නියායෙන්,
යළි යළි කතා කරා..
නම්බර දහසක් යොමුකර වූයෙම්,
ඒද හමුවූයේ නෑ..
කැළැඹුනු මා සිත ඇතිවුනු සෙනෙහස,
ඉන් අඩුවූයේ නෑ..//

මා මුමුණන මේ ගීතය ළඳුනේ,
සවනට ඇසෙනවා නම්..
එවන් සැඳෑවක ඔබ අමතන තුරු,
ඉවසිල්ලෙන් ඉන්නම්..
කොතැනක කොයිබක කවුරුන් වේවා,
කටහඬ සවන පතයි..
අමතනු මැන මට මගෙ දුරකථනයෙ,
අංකය විසි හතරයි..//

Artist: Mervin Perera
Lyrics: Premakeerthi De Alwis

Photobucket

Kandhulinma Gayu - කදුලින්ම ගැයූ

කදුලින්ම ගැයූ පෙම්ගීතේ
ඇසුවා ඔයා සිනාසී.... සිනාසී....
ඒ මා හද ගිනිජාලාවෝ
ඔබ හිනහුනි මා හැඩුවේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැනේදෝ.....

ඔබ ගිය දවසේ හිරු සදු නිවුනා
මට මගෙ ලෝකේ අදුරුයි දැනුනා
සීත සමීරේ ගිනියම්වූවා
ඒදැක මිහිරේ ඔබනම් සිනසේ
එදිනේ පටන් කුමාරී
හද ගීයමගේ හඩවී හඩවී
ඒ මා හද ගිනිජාලාවෝ
ඔබ හිනහුනි මා හැඩුවේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැනේදෝ.....

රෑ දුටු සිහිනේ ඔබ රගදුන්නා
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
දවසක රහසේ ඔබ කොහි ගියේදෝ
එදිනේ පටන් කුමාරී....

Artist : Nuwan Gunawardana

Photobucket

Lasowin Sasalee - ලසොවින් සසැලී

ලසොවින් සසැලී..
කළු වළා ඇවිත්,
සිත නිවා දැමූවත් ජීවිතයේ..
පුර පස සඳ වී පායාවී,
ඔබ මගේ ළඟින්..

ගඟ දිය එරෙහිව යන ගමනේ..
මිමිණූ ගීයක තවරාවී..
ඔබ මගේ කියා..//

නල රැල අතු ඉති මත දැවටී..
රහසින් ළංවී පවසාවී..
අපි අපේ කියා..//

Artist: Nirosha Virajini
Lyrics: Nilar N Kasim
Melody: Samantha Perera

Photobucket

Sondhuru Atheethaye - සොදුරු අතීතයේ

සොදුරු අතීතයේ නිමල පෑතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඈතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඈතී...

කදුලු සුසුම් මෑද සතුටු සිනා මෑද
භවය පුරා ලග ඉන්න ඈතී...
එදත් මගේ සිත අද මෙන් කෑපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී.....

නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඈතී....
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඈතී.....

Artist : T.M. Jayarathna
Lyrics : Malani Jayarathna
Melody : Rohana Weerasinghe

Photobucket

Wednesday, June 23, 2010

Sililara Sitha Nayana - සිලිලාර සිත න‍යනා

සිලිලාර සිත න‍යනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා

හද අරවින්දේ මතු දවසක පිපුණාවේ
ගිනිගත් ඒ නගරේ අතැර නොයනු මා ප්‍රේමියේ

සිලිලාර සිත න‍යනා . . .

මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී සොඳුරු නොවෙද මා ප්‍රේමියේ

සිලිලාර සිත න‍යනා . . .

Artist : Athula Adhikari

Photobucket

Raththaran Duwe - රත්තරන් දුවේ

රත්තරන් දුවේ - අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කලේ
ගියදා පටන් ඉහිල - කුරුළු කුඩුවෙන්
සංතෝෂයක් නෑ හිතේ

ඉගිලිලා ගියේ - සමුගෙන අපේ කුඩුවෙන්
ඔබත් කුඩුවක් තනන්නනේ
ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ

හනික එන්න පියඹලා දුවේ ..........//
ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන්
ඈවිත් යන්න එන්න සුදු දුවේ .....

Artists : Nanda Malani & Rohana Weerasinghe
Lyrics : Carlo Fonseka
Melody : Rohana Weerasinghe

Photobucket

Jale Gambura - ජලේ ගැඹුර

ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ..
මලේ සුවද ජලය දන්නෙ නෑ..
සිතේ අරුම නගා දන්නෙ නෑ..
නගේ නුඹට බොරු කියන්නෙ නෑ...


ආදරෙයි... මං ආදරෙයි....
සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්...
ආදරෙයි...මං ආදරෙයි.... //


නැන්ද මාමා මට බනීවිදෝ...
දූව දෙන්න බෑ කියාවිදෝ...
මැවූ සිහින සුන්ව යාවිදෝ...
නුඹවත් මට බහක් දේවිදෝ... //


ආදරෙයි... මං ආදරෙයි....
සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්...
ආදරෙයි...මං ආදරෙයි....
ආදරෙයි...මං ආදරෙයි.... ////

Artist : Jagath Wikaramasinghe

Photobucket

Pun Poda Sanda - පුන් පෝදා සඳ

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්

බිඟු තුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මම්

Artist : Malini Bulathsinhala
Lyrics : Lucien Bulathsinhala
Melody : H.M. Jayawardana

Photobucket

Oya Roo Sobha - ඔය රූ සෝභා

ඔය රූ සෝභා හදෙහි මාගේ,
ඇඳුනා ළඳුනේ ඇඳුනා..
නෙත් යාවීලා නොකියා කීදේ,
දැනුනා ළඳුනේ දැනුනා..

රෑ තුන් යාමේ මා නිදි නෑ නිදි නෑ..
ඒ රුව දෑසේ පාවෙයි නෑ තනි නෑ..
ඇයගේ සෙනෙහේ සුවඳේ රැළිලා..
දිවා රෑ ළතැවේ සහනේ පතලා..

මා සිත වාගේ ඈ සිත මා ගැනදෝ..
ජීවිත කාලේ ඈ යළි හමුවෙයිදෝ..
කඳුලේ සුසුමේ උරුමේ ගෙනදී..
සැඟවී වෙන්වී යයිදෝ මගදී..

Artist: Raju Bandara

Photobucket

Sulanga Nuba Wage - සුළඟ නුඹ වගේ

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි

Artist : Karunarathna Diwulgane
Lyrics : Yamuna Malani Perera
Melody : Gunadasa Kapuge

Photobucket

Tuesday, June 22, 2010

Ae Obama Dai - ඒ ඔබමදැයි

මගේ හිතට එය දැනුණා, මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ

මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි

මම ලියූ පෙම් කතාවේ සුර කුමරියක් උන්නා
ඒ කුමාරිගේ හිනාවේ මට ආදරේ තිබුණා //

මම හීනයක් දුටුවා ඔයරුව මගෙමදැයි කියා
මගෙ හිත් කොනේ බැඳි ආදරී ඒ ඔබම දැයි

මගෙ හීනයේ ඇවිත් ඔයා
මගේ ආදරේ අලුත් කලා //
මම ආදරේ වෙලා මටත් හොරා ඒ ඔබටදැයි

සිහිනයෙන් දුටු කතාවේ මගෙ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා //

මම ලෝබකම් කෙරුවා ඔබ මට අහිමිවෙයි කියා
මගෙ හිත්කොණේ බැඳි ආදරී ඒ ඔබමදැයි

මගේ හිතට එය දැනුණා, මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ

ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙන් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගේ හිත කොණිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නේ නෑ ඒ ඔබ කියා


Artist : Shihan Mihiranga

Photobucket

Wassane - වස්සානේ

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා..
වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා..
හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා..
දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා..

වහින්නේ.. වස්සානේ..
ළමැද ගුලිවෙලා ඔබ දඟකළා උනුහුම හොයා..
වරුසාවේ.. තෙමෙන්නේ..
ළඟම දැවටිලා හොරකම් කලා හිමිකම ඔයා..

වැහි හලා කළු වලා අහසින් ගියා..
තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා..
ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා..
දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා.

Artist : Shihan Mihiranga
Lyrics : Dilip Nuwan Corteling
Composer : Sampath Fernando


Photobucket

Waten Eha - වැටෙන් එහා

වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලිණ වුනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්

සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දො‍ර කවුළු තුලින්
සුවඳ දිදී තිබුනත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම්

තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුනත් කෙඳිරිය මූදු අගින්
පිපුණු නිසා අන් සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්

Artist : Dayan Witharana
Lyrics : Sunil Ariyarathne
Music : Rohana Weerasinghe

Budun Daka Niwan Dakinna - බුදුන් දැක නිවන් දකින්න

බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ..
අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ..
සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ..
අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ..
අපේ ජීවිතේ..

සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ..
පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ..
දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ..
වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ..

භාර හාර වී වැඳ වැඳ අටමස්ථානේ..
කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ..
සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ..
මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ..

Artist: Chamara Weerasinghe

Photobucket

Sara Sande Nura Sina - සරා සඳේ.. නුරා සිනා..

සරා සඳේ..
නුරා සිනා..
රෑක පාවී ආවා..
ඇගේ ළැමේ..
කුසුම් ගුලා..
සීත රෑ හා කීවා..
නේක ශ්‍රැංගාර ගීතා..
හ්ම්.. හ්ම්.. හ්ම්..

හංස නිම්නේ..
රොන් තරංගේ..
රංග තාලේ..
කීව රහසේ..
වෙලී..
නටයි..
සඳේ..
නුරා..

මන්දහාසේ..
ඇන්ද දෑසේ..
රැන්දු මායා..
සේද හීනේ..
විඳී..
අඬයි..
සඳේ..
නුරා..

Artist: Hector Diaz

Photobucket

Bindu Bindu Mal Wasse - බිංදු බිංදු මල් වැස්සේ

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා

ආල හැඟුම් මං හින්දා.....

ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

බිංදු බිංදු මල් වැස්සේ.....
ආල හැඟුම් මං හින්දා.....

Artist : Edward Jayakody
Lyrics : Kularatne Ariyawansa
Composer : Rohana Weerasingha

Photobucket

Pana Mada Kadithi - පැන මඩ කඩිති

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

Artist : Sunil edirisinghe
Lyrics : Mahinda Chandrasekara
Composer : Rohana Weerasingha

Photobucket

Ivan Paulusha - ඉවාන් පවුලූෂා

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

Artist : Apsara De Silva
Lyrics : Charuka Suraweera
Composer : Priyantha Direx
Photobucket

Oba Ha Mema - ඔබ හා මෙමා

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා

ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්වී වෙළී සෙනෙහස සෙවූ ඒ
සොඳූරු දා සිහිවෙනවා
ඒ සොඳූරු දා සිහිවෙනවා

Artist : T.M. Jayarathna

Photobucket

Gahaka Mal Pipila - ගහක මල් පිපිලා

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි

කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹනම්

Artist : Karunarathne Diwulgane
Lyrics : Yamuna Malini Perera
Composer : Gunadasa Kapuge

Photobucket

Gamana Nonimeyi Lokaye - ගමන නොනිමෙයි ලෝකයේ

ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..
අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..
හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

Artist: Narada Disasekara

Photobucket

Sulan Kapolle - සුළං කපොල්ලේ

සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ...
කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳු රැල්ලේ...


කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී...
දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී...
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී...
පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී...


ඇයට මවක් පියෙක් නොමැත ක්සිතිජ වළල්ලේ...
කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ...
ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ...
ඇයට ළැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ...

Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne
Composer : Rohana weerasinghe
Photobucket

Hadawatha Illa - හදවත ඉල්ලා

හදවත ඉල්ලා
නොලැබුන විටදි
දහසක් සිතුවිලි මා
හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලෙසක හෝ
අමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා
කුමටද ලතැවී

ඔය නෙතු අග රැදි තිබු
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලි
සෙනෙහස කීවා

මතු අප උපදින භවයේ
යළි හමු වේවා
ඔය නෙත් අග සිසිල රැදි
මට ළං වේවා

Artist : Priya Sooriyasena

Photobucket