මා ළවන් පුරා මල් සුවද සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවනේ
රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ.....
මට හැගෙනවා ආදරේ.....
නිල් අහස තරම් ආදරේ අරන්
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්
සද වතුර සද දිගේ ගලනවා
මට ආදරේ හැගෙනවා....
මට ආදරේ හැගෙනවා....
මල් සුවද තරම් ආදරේ අරන්
මගෙ සිත ලග නතර වෙලා
පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින්
විල් තෙරේ මල් සුවද ගලනවා
මට ආදරේ දැනෙනවා....
මට ආදරේ දැනෙනවා....
Artist : Saman Nishantha
Lyrics : Upul Shantha Sannasgala
Composer : Ranga D
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න
එළ එළ ඔහොම යං
ReplyDeleteඑළ එළ සහෝ :D :D
ReplyDeleteහිතට වැඩියෙන්ම දැනුනු මෑත යුගයේ අමරණීය ගීතය!
ReplyDeleteඔව් චාමර සහෝ, ගොඩක් ලස්සන රසවිඳින්න යමක් තියෙන හොඳ ගීතයක්
ReplyDeleteමේක මගෙත් ආසම සින්දුවක්.ඔන්න මෙක Musixmatch එකට upload කරා sync කරපු lyrics එක්ක.
ReplyDelete