Saturday, July 24, 2010

Ma Bala Kale - මා බාල කාලේ

මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ//
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ
ඉගෙනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා
දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා
මේ වාගෙ මට ඈ අවවාද දුන්නා
මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
නංවලා ස්නේහේ රට දෑ කෙරහි
රැකගන්න සැමදා ඇගෙ නාමෙ පුතුනේ

Artist : C.T.Fernando

Photobucket
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

3 comments:

  1. Thanks a lot for your effort.
    It would be nice, if you can let us know the writer and musician of these songs, along with the singer. Because most of us are not aware of these information. Thanks again.

    ReplyDelete
  2. Thanks for you for your work.

    Ma bala kale was written by Ms. Malini Wijayaweera in 1960s
    මා බාල කාලෙ ගීතය ලියා ඇත්තේ මාලිනී විජයවීර මහත්මිය විසිනි.
    තනුව ගායක සී.ටී ප්‍රනාන් දු මහතාගේමය​. මේ ගිතය 1960 දශකයේ මුල් කාලයේ ලියන ලදී. ​ඒ දිනවල පල කරන ලද ගැමෆෝන් තැටි වල මේ විස්තර මුද්‍රණය කර ​ඇත​.

    ReplyDelete
  3. Thank you for this. I am a father and I just sang this to my infant son when he is about to sleep. Very meaningful

    ReplyDelete