Wednesday, August 18, 2010

Kumariyaka Pa Salamba Saluna - කුමරියක පා සළඔ සැලුනා

කුමරියක පා සළඔ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය
සුරන් නැලවු සුයාමය

නිසල ජීවන තපෝ වන මැද
හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුලු මල් පෙති
මා හඩවයි බිදුනු තුසිතය
සුරන් නැලවු සුයාමය

Lyrics: K.D.K. Dharmawardane
Music: Victor Ratnayake
Singer: W.D. Amaradewa

Photobucket
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

7 comments:

  1. sira ban ,, shishta sampanna blue film eka

    ReplyDelete
  2. ලස්සනයි... කුනුහරුප කියල දෙයක් නැහැ. ඕනම දෙයක් කියන විදියයි සභ්‍යද නැද්ද කියල තීරණය කරන්නේ... ගීත ගෝවින්දය කියවල බැලුවොත් ශෘංගාරයේ සීමා කොහින්දැයි සිතේවි... එකෙ මගේ සිතට එන ලස්සන කවියක් මෙන්න... (පදයක් දෙකක් එහා මෙහෙ වීමට පුළුවන්)
    නොඉවසිලි අවලකෙලි ඇරඹුණිය නොපමාව
    රාධාව රති විකල පරදනුව ශ්‍රී කෘෂ්ණ
    නැගුනිය ඔහු මතෙහි අධික විය රති වේග
    පුළුලුකුල නිසල විය
    ළමැද කම්පිත විය
    කරලතා ලිහිල් විය
    පියවුනිය නෙත් උපුල්
    පැරදුනිය රාධාව
    ළඳුන් රති පරාක්‍රම
    කෙසේ නම් පරදනුව

    ReplyDelete
  3. meke sinhala teruma dannawanam kiyannako hariyatama??

    ReplyDelete
  4. dan thiyena sinduth ekka me wage wishishta nirmana paththakin wath thyanda baa...Hamaotama me wage dewal walin kochchara dewal anda tyenawada??

    ReplyDelete
  5. meke podi correction ekak karanda puluwanda??3n weni kotase..THALA SITHA wenuwata THALA SINDA wenda one neda?

    ReplyDelete