Wednesday, August 18, 2010

Cammelia Mal Suwandata ( Cinderella ) - කැමීලියා මල් සුවඳට ( සින්ඩරෙල්ලා )

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .

සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා . . .

කැමීලියා මල් . . .

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .

Artist : Kithsiri Jayasekara

Photobucket
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

1 comment: