Wednesday, August 18, 2010

Sihina Dew Duwe - සිහින දෙව් දුවේ

සිහින දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ

සදෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබේ නම ආදරේ

චන්දන දියෙන් දොවාලා
ඔය නලලෙ අත තියාලා
මම ඔබ ලගයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා

කල්යානි නමට අමපෙම්
දිවි බදුන පුදකරන්නම්
ඉපදුනිද බවෙක කිසියම්
මුලු සසරෙදිම ඔබෙයි මන්

අවසාන මොහොත වේවා
ඔබ ලගදි ලගා වේවා
ගිනි නතිව මා දෑවේවා
සිහිවටන එහි මෑවේවා

Artist : J.A. Milton Perera ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

5 comments: