එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා
පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ
පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ
Artist : Bhathiya Jayakody

පොඩි සර්ච් බොක්ස් එකක් දැම්ම නම් ලේසියි, තවත් පොඩි යෝජනාවක් කරන්නම්, පුලුවන් හැම වෙලාවෙම ආරිස්ට් ගේ නම එක්ක, ලිරිසිස්ට් ගේ හා කොම්පෝසර් ගේ නමත් දාන්න!
ReplyDeleteජය
බොහෝම ස්තුතියි වැම්පයර් සහෝ ! මම google එකෙන් දෙන searchbox එක දැම්මත් ඒකෙන් හරියට search වුනේ නැති නිසා ඒක අයින් කලා. වෙන හොඳ seachbox එකක් දන්නවනම් කියන්නකෝ ? පද රචනය සහ සංගීතයත් පුළුවන් විදිහට දාන්නම් සහෝ, නැවතත් ස්තුතියි blog එකේ පළවෙනි comment එකට
ReplyDeleteබ්ලොගර් එකේ ඩිසයින්>පේජ් එලිමන්ට්ස් > ඇඩ් ගැජට්> ස්ර්ච් දාන්න!
ReplyDeleteස්තුතියි සහෝ !
ReplyDeleteමුලින්ම සුභ පතනවා වැඩේඩ. මාත් පොඩි යෝජනවක් කරන්නම්. සිංදුවේ පද දාන කොට එකපාරට පෝස්ට් එකේ පද ටික දාන් නැතුව පොඩ්ඩක් සිංදුව ගෙන හදුන්වලා දීලා. වැම්පයර් කිව්වා වගේ ගායකයගේ නම පද රචකයාගේ නම වගේ තොරතුරු ටිකත් දාලා සිංදුව දැම්මා නම් නියමයි. ඉදිරි කටයුතු සාර්ථක වේවා!
ReplyDeleteඅදහස්වලට බොහොම ස්තුතියි කසුන් සහෝ !
ReplyDelete