Saturday, June 19, 2010

Malak Une Ai Oba Mata - මලක් උනේ ඇයි ඔබ මට

මලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...

විලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද...
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්...

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද...
ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...

Artist : Amarasiri Pieris

ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

1 comment: