Monday, June 21, 2010

Sapura Thahanam - සපුරා තහනම්

සපුරා තහනම්..
ආදරේ මට නම්..
නෙතු පියා ගන්න සදහට,
ටික දිනයි තියන්නේ..
නොදැන ඒ නුඹ විමසුවත්,
ආදරේ දැයි ඔබට මං,
අතරමං වී ගොළු වුනේ..
ආදරේ නිසා..

මගෙ අවසන් හුස්ම තුරුළු කර,
මියෙන තුරා ඉන්නවා නම්..
ඔබ නිදනා යහන් සමීපේ,
සුසුමක් වී පාවෙන්නම්..

භවයෙන් භවේ..
ඉමි මග බලා..
ඔබ එයි කියා..
එතුවක් තුරා..
පෙරුමන් පුරා..
එන්නම් සොයා..

හීතල මගෙ දෙතොල් අගට,
වැටෙනා උණු කඳුලැලි පේළි..
දුකයි සිතට ඇස් වහගන්නට,
නුඹ ලඟ සිටින වෙලේදි..

භවයෙන් භවේ..
ඉමි මග බලා..
ඔබ එයි කියා..
එතුවක් තුරා..
පෙරුමන් පුරා..
එන්නම් සොයා..

Artists : Rasika Wijeratne & Ravindra Meegamarachchi
Photobucket
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

0 comments:

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment