Tuesday, June 22, 2010

Ivan Paulusha - ඉවාන් පවුලූෂා

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

Artist : Apsara De Silva
Lyrics : Charuka Suraweera
Composer : Priyantha Direx
Photobucket
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

10 comments:

  1. මේක lyrics ගැන බ්ලොග් එකක් නං, ඒවා ලිව්ව අයගේ නම දාන්න ඕනෑ නේද?

    කවුද මේ සින්දුව ලිව්වේ? මැක්සිම් ගොර්කි ද? නැත්තං මිකායිල් ගොර්බචෝෆ් ද?

    ReplyDelete
  2. සොරි වේවා කතන්දර අයියේ, හදිස්සියට හොයාගන්න පුලුවන් වුනේ ගායිකාවගේ නම විතරයි, ඔන්න මම පද රචනය සහ සංගීතය කරප කට්ටියගේ නමුත් ඇතුලත් කලා. :h

    ReplyDelete
  3. ලස්සන සින්දුවක්....බලන්න එකේ අර්තය..දැන් ලියවෙන ඒවා කීයෙන් කීයයිද අහන්න පුලුවන් ඒවට තියෙන්නෙ?
    http://kassaso.blogspot.com/

    ReplyDelete
  4. ඒකනම් ඇත්ත සහෝ, :n මේ වගේ ගීත දැන් අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්නේ

    ReplyDelete
  5. මං හිතුවේ ඩිරෙක්ස් තමයි පදවැල ලිව්වේ කියලා.

    ReplyDelete
  6. දන්නවද මේ පද වැල ලියපු කෙනා අද කොහෙද ඉන්නෙ කියල? මෙයා ලංකාවෙ ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකවක මුල් පුටුවෙ ඉන්නෙ. රේඩියෝ අහන හෝ ඇහෙන අයට මතක නම් "උක්කුං මහත්තය" කියල කට කැඩිච්ච කුකුලෙක් ගෙ චරිතයක්, අන්න ඒ මේ චාරුක තමයි.

    ReplyDelete
  7. බොහොම ස්තුතියි අපිටත් ඒ බව කිව්වට, හිතගන්නවත් අමාරුයි හැබැයි :j

    ReplyDelete
  8. maarama music maarama voice hamadema gaanata hitha puduma widihata sahallu karana bethak meka

    ReplyDelete