Saturday, June 19, 2010

Sadakalika Nowu Loke - සදාකාලික නොවූ ලෝකේ

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්//

මගේ දුක දැක ඔබේ හදවත
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
සරා සඳ සේ පෑදිලා

එදා ළඟ සිට දුටුව නුඹ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ

Artist : Sunil Edirisingha
Lyrics : Ananda Kumarasiri
Composer : Rohana Weerasinghe

ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

7 comments:

  1. සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් NO

    ReplyDelete
  2. ලස්සන සින්දුවක්.....අර්තය මිල කල නොහෑකිය්

    ReplyDelete
  3. සරා සඳ සේ පෑදිලා - පුරා සඳ සේ පෑදිලා neda ??

    ReplyDelete
  4. is there anyone who know the meaning of this song?

    ReplyDelete
  5. Manoj Fernando4 years ago
    මේ මට හිතුන විදිහ...
    Manoj Fernando
    Manoj Fernando4 years ago
    දෙවන අන්තරා කොටසින්, පංච කාම ලෝකය දෙස අද දකින ආකාරයත්...
    (කාමයෙහි ගැලී සිටි කාලයේ මා ඒ තුළ වූ අනිච්ච, දුක්ඛ, අනත්ත වටහා ගත්තේ නැතත් අද මා ඉන් මිදී, ඒ තුළ වූ - "කැමති සේ පවත්වන්නට නොහැකි බව", "දුක් සහිත බව", "අසාර බව" දකිමින්, නිරායාසයෙන්ම ඉන් මිදී සැබෑ සුවය අත්විඳිමි... - මා නිවන් අවබෝධ කළෙමි... ඉතින් මේ නිසරු ලෝකයට මා කෙසේනම් පෙම් බඳින්නද ? ඇලීමට තැනක් එහි නැත... ගැටීමට තැනක් එහි නැත... මුලා වීමට තැනක් එහි නැත... මා උපක්ඛවෙන් වෙසෙමි...)
    Manoj Fernando
    Manoj Fernando4 years ago
    පළමු අන්තරා කොටසින්, තමාට දහම් ඇස උදපහදවා ගැනීමට උපකාර වූ කල්‍යාන මිත්‍රයාට (ආර්ය උත්තමයාට) කෘතවේදී ආමන්ත්‍රණයක්...
    (මගේ සංසාර දුක දැක, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ සහිත උතුම් මෙත් සිතකින් මා කෙරෙහි ධර්මය දෙසූ ඔබගේ සිත තවත් ඒ තුළින් ප්‍රභාශ්වර විය)
    Manoj Fernando
    Manoj Fernando4 years ago
    ස්ථායි කොටස මගින්, තමා ගමන් කළ සංසාර ගමන ගැන අද දකින ආකාරයත්...
    (අනිච්ච ලෝකයේ නිච්ච දෙයක් සොයා සතර අපා, මනුස්ස, දේව, බ්‍රහ්ම තල වල ගෙවූ කාලය හිස් වූ මායාවක් බව)
    Manoj Fernando
    Manoj Fernando4 years ago
    මෙම ගීතයේ සැඟවුණු ඉතා ගැඹුරු ලෝකෝත්තර දහම් අරුතක් ඇති බවයි... මගේ හැගීම...
    ගීත රචකයා මතු කරන්නට උත්සහ කල අර්ථයට එහා ගිය අර්ථයක් මේ පද වැල තුළට කා වැදී ඇති බව මට හිතෙනවා...
    ධර්මය අවබෝධ කළ (මග පල ලැබූ) ආර්ය උත්තමයකුගේ උදාන වාක්‍යක් (ථෙර ථේරී ගාථා) මට මේ තුළින් පෙනෙනවා...

    ReplyDelete
  6. Lyrics by Ananda Amarasiri not Kumarasiri.

    ReplyDelete