Tuesday, June 22, 2010

Gahaka Mal Pipila - ගහක මල් පිපිලා

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි

කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹනම්

Artist : Karunarathne Diwulgane
Lyrics : Yamuna Malini Perera
Composer : Gunadasa Kapuge

Photobucket
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

5 comments:

  1. කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්

    හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්

    මෙහි අසම්මත බවක් ගැන නේද කියන්න හදන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔව් මට හිතෙන්නෙත් එහෙම

      Delete
    2. ඔව් මට හිතෙන්නෙත් එහෙම

      Delete
    3. ඔව් මට හිතෙන්නෙත් එහෙම

      Delete