Sunday, June 20, 2010

Sanda Tharu Mal - සඳ තරු මල්

සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන්
පතිනි මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

ඇල දොල ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

Artists: Athula Adhikari & Samitha Mudunkotuwa
Lyrics: Rambukkana Sidhartha Thera
Music: Rohana Weerasingha




ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

2 comments:

  1. දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ......................
    මිහිරි ගීතයක් ගොඩාක් ස්තුතියි

    ReplyDelete